gossip lanka

නියෝජ්‍ය අමාත්‍ය ධූරය අතහැර මනුෂ එජාපයට එක්වෙයි

විදේශ රැකියා හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ මනුෂ නානායක්කාර මහතා  සීය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ මේ වන විට පැවැත්වෙන
මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් නව රජයේ  කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ‌ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ පළමු මන්ත්‍රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඔහු සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික  පක්ෂය නියෝජනය කළේය.