මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයග‍්‍රහණය ලැබ පොදුජන පෙරමුණේ නගර සභාවක් බලයට පත් කිරීමට කටයුතු කළ මුස්ලිම් නාගරික මන්ත‍්‍රීවරු හත්දෙනා නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් හැටියට කටයුතු කිරීමට තීරණය කර ඇති බව එජාප නාගරික මන්ත‍්‍රී ජිලිත්
නිශාන්ත මහතා පැවසීය. මෙම නාගරික මන්ත‍්‍රීවරුන් හත් දෙනාට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන ගිය විනය ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බවද ඒ මහතා කීය.

නාගරික මන්ත‍්‍රී ෆයාස් ලතීෆ් මහතා (එ.ජා.ප) මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීවේය,

අප හැමදාම එක්සත් ජාතික පක්ෂිකයන්. ඉදිරියේදී පැවැත්වෙන සියලූ‍ මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට ගාල්ල නගර සභාවේ එජාප නාගරික මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. දැනට පක්ෂය මුහුණ දී ඇති අභියෝගවලින් පක්ෂය ආරක්ෂා කර ගෙන පක්ෂය ජයග‍්‍රහණයට කරවීමට කැපවී කටයුතු කරනවා.

ගාල්ල ක්ලෝසන්බර්ග් හෝටලයේදී හිටපු ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡුාවලදී මෙම තීරණවලට එළැඹි බව නාගරික මන්ත‍්‍රී ජිලිත් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.