පාර්ලිමේන්තු නිලධාරීන් කුපාඩින් බවට නාමල්ගෙන් චෝදනා !

පාර්ලිමේන්තු නිලධාරීන් කුපාඩි වැඩවලට හවුල් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

ඔහු මේබව කියා සිටියේ බීබීසී මාධ්‍යවේදියා පාර්ලිමෙන්තුවේදී මන්ත්‍රීවරුන් මිරිස්කුඩු වැනි ද්‍රව්‍ය පාර්ලිමේන්තු සභාගැබට ගෙනඒම
සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය.

රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ සභාගැබට පිහිවැනි ද්‍රව්‍යත් ගෙනා බවත්, ඒවා සභාගැබෙන් පිටට ගෙනයනු ලැබුවේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියකු බවත්, මේ කුපාඩි වැඩවලට පාර්ලිමේන්තු නිලධාරීන් හවුල් බවයි.

ලෝකෙ හැම රටකම මේ වගේ වැඩ සිදුවන බවත්, බටහිර රටවල අයට මේ ගැන රිදී ඇති බවත් ඔහු කියා සිටියේය.

විශ්වාසය පල කිරීමේ යෝජනාවක් ගේන්නෙ නැත්තේ මන්දැයි ඔහුගෙන් මාධ්‍යවේදියකු කළ විමසීමේදී ඔහු කියා සිටියේ නොවැම්බර් 07 වැනිදා නඩුවකට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමට ඇති බැවින් ඉන් පසුව ඒ ගැන සලකා බලන බවයි.