gossip lanka

නාමල් රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මකවන පරිදි තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
(පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ගන්නා බවයි.

එළැඹෙන මහමැතිවරණයට තරග කොට ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලබා ගැනීම සිය අපේක්ෂාව බව ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් එලෙස මැතිවරණයට මුහුණ දෙන්නේ මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගේ නායකත්වය යටතේ බව ද ඔහු පවසා තිබෙනවා.

දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මහින්ද – මෛත්‍රී පාර්ශවය එක්වීම තුළින් ඔවුන්ගෙන් පොහොට්ටු පාර්ශවය බිඳී යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නට ඇති බවයි.