තමන් බේරා ගන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් යාපනයේ කාන්තාවෝ විරෝධතාවක

උතුරේ ද්‍රවිඩ ජනතාව තවදුරටත් සමූල ඝාතනය කරන බව දක්‌වමින් යාපනයේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසක්‌ තමන් බේරා ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් විරෝධතාවයක්‌ පවත්වා ඇත.

 මෙහිදී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඡායාරූප සහ ඇමරිකානු
ධජය ද ප්‍රදර්ශනය කර තිබේ.

 පාර්ලිමේන්තුවේ අර්බුදකාරී තත්ත්වයක්‌ ඇතිවී ඇති අවස්‌ථාවක උතුරේ ද්‍රවිඩයන් සංහාරය කරන බවට ලොවට බොරු ප්‍රචාරයක්‌ දියත් කිරීම මෙම විරෝධයේ අරමුණ බව වාර්තාවේ.

 මෙම කාන්තාවන් පිරිස මෙහෙයවා ඇත්තේ ද්‍රවිඩ සන්ධාන දේශපාලනඥයකු බවද හෙළිවී ඇත.

- දිවයින