gossip lanka

ආණ්ඩු පෙරළියෙන් පසු වෙනසක්, උතුරේ බෞද්ධ පුරාවස්තු විනාශ කර කෝවිලක් හදන්න ගිය පිරිසට වැඩ වරදියි!

බුදු දහම සමග එක්වූ වසර 2500ක ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයකින් පැවැත එන ශ්‍රී ලංකාව පුරා බෞද්ධ නටඹුන් විසිරී පවති. නමුත් මෑත කාලයේ වාර්තා වූයේ බොහෝ ප්‍රදේශ වල එම බෞද්ධ ඉතිහාසය මකා දැමීමට එම බෞද්ධ පුරාවස්තු සහ නටඹුන් විනාශ කරන අන්දමයි.

මෙලෙසින් බෞද්ධ නටඹුන් විනාශ කිරීමට ගිය පිරිසකට එරෙහිව නීතිය
ක්‍රියාත්මක වූ පුවතක් වාර්තා වෙනවා.

මේ අනුව වව්නියාව නෙඩුන්කේණි, වෙඩුක්‌කුනාරී බෞද්ධ පුරාවිද්‍යා භූමිය තුළ කෝවිලක් සඳහා නළ ළිඳක්‌ තැනීමට ගිය හින්දු බැතිමතුන් පිරිසක්‌ 01 දා නෙඩුන්කේණි පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කිරීමෙන් පසුව ඒ ස්‌ථානයෙන් ඉවත්කොට තිබේ. පුරාවිද්‍යා ස්ථානයට හානියක් කිරීමට පෙර පොලීසිය ක්‍රියාත්මක වූ නිසා අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.

නෙඩුන්කේණි, වෙඩුක්‌කුනාරී පුරාවිද්‍යා ස්‌ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්‌ථානයකි.

යුද සමයේ දී හින්දු බැතිමතුන් පිරිසක්‌ මේ ස්‌ථානයට මල් පහන් පූජා කරමින් වන්දනාමාන කිරීම නිසා ඔවුන්ට ඒ ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තනා ගැනීමට අවසර ලබාදෙන මෙන් ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කොට තිබිණි.

ඒ අනුව බෞද්ධ නටබුන් ඇති ස්‌ථානයට මීටර් 500 ක්‌ දුරින් හින්දු කෝවිලක්‌ ඉදිකර ගැනීමට පසුගිය කාලයේ ඔවුන්ට අවසර ලැබී තිබුනු අතර ඔවුන් හින්දු කෝවිලක්‌ ඉදිකොට දේවරූප තැන්පත් කිරීම සිදු කරන ලද්දේ බෞද්ධ නටබුන් සහිත ස්‌ථානයේය.

මේ නිසා ඇතිවූ ආරවුල සමථයකට පත් කර ගැනීම සඳහා අධිකරණය වෙත ගිය අවස්‌ථාවේදී වව්නියාව දිසා අධිකරණය නියෝග කළේ නිසි තීරණයකට එළැඹෙන තුරු කිසිවකුත් එම ස්‌ථානයට ඇතුළු නොවන ලෙසයි.

නමුත් හින්දු කෝවිලේ භාරකාර මණ්‌ඩලයේ පිරිසක්‌ 01 දා එම ස්‌ථානයේ නළ ළිඳක්‌ ඉදිකිරීමට සූදනම් වූ අවස්‌ථාවේදී නෙඩුන්කේණි පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව හින්දු කෝවිලේ පිරිස නළ ළිඳ තැනීම නතරකොට දමා තිබේ.