gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන අවුලත් සමග කෝටි ගණන් රට සල්ලි ලංකාවෙන් පිට වෙයි

පවත්නා දේශපාලන අර්බුදය හේතුවෙන් රටේ තිබූ විදේශ විනිමය පිටරටට ඇදීයාම වේගවත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඔක්තෝබර් 25 සිට 31 දක්වා කාලය තුළ පමණක් කොළඹ කොටස්
වෙළෙඳපොළෙන් රුපියල් කෝටි 670ක් සහ රාජ්‍ය බැඳුම්කරවලින් රුපියල් කෝටි 1100ක් ඉවත්කරගෙන ඇති බව නවතම මහ බැංකු වාර්තා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදේශීය ආයෝජකයන් පසුගිය 07 දිනය තුළ පමණක් කොටස් වෙළෙඳපොළින් ඉවත් කරගෙන ඇති කොටස්වල වටිනාකම රුපියල් කෝටි 29ක් පමණවන බව සඳහන්.

කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක අනුව ඔක්තෝබර් 31 දින සිට මේ දක්වා සියයට 1.24කින් පහළ ගොස් එහි අගය 5987.21ක් බවට පත්ව තිබෙනවා.

වසරේ මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළින් රුපියල් කෝටි 1600ක් හා රාජ්‍ය සුරැකුම්පත්වලින් රුපියල් කෝටි 10,000ක් රටට අහිමි වී ඇති බව ද වාර්තා වෙනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka