මහින්දට එරෙහි විශ්වාස භංගයට පක්ෂව අත්සන් 120 ක් !

රාජපක්ෂ රජයට එරෙහිව විශ්වාස භංගයට පක්ෂව ජන්දය දුන් මන්ත්‍රීවරු මේවන විට අදාළ පක්ෂ බව තහවුරු කරමින් ලේඛනයකට අත්සන් තබන බව වාර්තා වේ.

මේබව තහවුරු කරමින් දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රී ආර්
සුමන්තිරන් මහතා ට්විටර් පනිවුඩයක් නිකුත්කර තිබේ.

එහි මෙසේ දැක්වේ..

Parliament adopts the No Confidence Motion submitted by the #JVP against Mahinda Rajapakshe and his cabinet by a voice vote. The “Ayes” are signing a memo to Speaker now #CoupLK

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසයි.

එසේම ස්වාධීන වූ වසන්ත සේනානායක මහතාද විශ්වාස භංගයට පක්ෂව අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

මන්ත්‍රීවරු 120 දෙනෙකුගේ අත්සන් විශ්වාස භංගයට පක්ෂව ලැබෙනු ඇතැයි වාර්තා වේ.

gossip lanka