නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ තෝරා පත්කර ගත යුතු මන්ත්‍රි සංඛ්‍යාව මෙන්න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ තෝරා පත්කරගත යුතු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි, මැතිවරණ කොමසාරිස්
ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා විසින් නිකුත්කර ඇති එම ගැසට් පත්‍රයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා නාමයෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ තෝරාපත් කරගත යුතු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව මෙසේය.

කොළඹ නාමයෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව 22 කි. තෝරා පත්කරගත යුතු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 19කි. ගම්පහ අපේක්ෂකයන් 21කි. මන්ත්‍රිවරු 18 දෙනෙකි. කළුතර අපේක්ෂකයන් 13කි. මන්ත්‍රිවරුන් 10 දෙනෙකි.

මහනුවර අපේක්ෂකයන් 15 දෙනකු හා මන්ත්‍රිවරුන් 12 දෙනකුද, මාතලේ අපේක්ෂකයන් 08 දෙනකු හා මන්ත්‍රිවරුන් 05 දෙනකුද නුවරඑළිය අපේක්ෂකයන් 11 දෙනකු හා මන්ත්‍රිවරුන් 08 දෙනෙකි.

ගාල්ල අපේක්ෂකයන් 13කි. මන්ත්‍රිවරුන්ගේ ගණන 10කි. මාතර අපේක්ෂකයන් 10කි. මන්ත්‍රිවරුන් 07 දෙනෙකි. හම්බන්තොට අපේක්ෂකයන් 10 දෙනෙකි. මන්ත්‍රිවරුන් 07 දෙනෙකි.

යාපනයේ අපේක්ෂකයන් 10 දෙනකුද මන්ත්‍රිවරුන් 07 දෙනකුද, වන්නි අපේක්ෂකයන් 09 දෙනකු හා මන්ත්‍රිවරුන් 06 දෙනෙකි.

මඩකළපුව නාමයෝජනා පත්‍රයට අපේක්ෂකයන් 08 දෙනකු ඇතුළත් විය යුතු අතර තෝරාපත් කරගත යුතු මන්ත්‍රි සංඛ්‍යාව 05කි. දිගාමඬුල්ල අපේක්ෂකයන් 10 දෙනකු වන අතර, තෝරා පත්කරගත යුතු මන්ත්‍රි සංඛ්‍යාව 07කි. ත්‍රිකුණාමලය අපේක්ෂකයන් 07 දෙනකු හා තෝරා පත්කරගත යුතු මන්ත්‍රි සංඛ්‍යාව 04 දෙනෙකි.

කුරුණෑගල අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 18ක් වන අතර මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 15ක්ද, පුත්තලම අපේක්ෂකයන් සංඛ්‍යාව 11ක් වන අතර, මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 08ක්ද වෙයි.

අනුරාධපුරය අපේක්ෂකයන් සංඛ්‍යාව 12ක් වන අතර මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 09ක්ද පොළොන්නරුව අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 08ක් වන අතර මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 05ක් වෙයි.

බදුල්ල අපේක්ෂකයන් සංඛ්‍යාව 11ක් වන අතර මන්ත්‍රි සංඛ්‍යාව 08ක්ද, මොනරාගල අපේක්ෂකයන් සංඛ්‍යාව 09ක් වන අතර මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 06ක්ද වෙයි.

රත්නපුර නාමයෝජනා පත්‍රයට අපේක්ෂකයන් 14ක් හා තෝරාපත්කරගත යුතු මන්ත්‍රි සංඛ්‍යාව 11ක් සහ කෑගල්ල අපේක්ෂකයන් 12 දෙනකු හා තෝරාපත්කරගත යුතු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 09ක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

- මවුබිම