gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉඩම් ගනුදෙනුවකදී හක්මන පොහොට්ටු මන්ත්‍රී මරාදාලා !

වෑන් රථයකින් හා යතුරු පැදියකින් පැමිණී නාදුනන පුද්ගලයින් පිරිසක් ඊයේ (04) හක්මන කැඹිලියපොල ප්‍රදේශයේ දී හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා, පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බව හක්මන පොලීසිය පවසයි.

ඉඩම් ගණුදෙනුවක් ගැන කතා කිරීමට ගොස් සිටි අවස්ථාවේදී එසේ ඝාතනයට ලක්ව තිබුණේ හක්මන
නරවැල්පිට උතුර අඹගහවත්තේ පදිංචිව සිටි ලොකු හකුරුගේ ශාන්ත නොහොත් මැණික් ශාන්ත (53) නැමැති ව්‍යාපාරිකයෙකි.

ඔහු හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

ඔහු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු හා තවත් දෙදෙනෙකු සමඟ හක්මන කැඹිලියපොල ප්‍රදේශයට ගොස් අදාල ඉඩම විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතරතුර වෑන් රථයකින් හා යතුරුපැදියකින් පැමිණී බව කියන නාදුනන පුද්ගලයින් පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පිහියකින් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කියති.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka