gossip lanka

ජේ.ආර් - ප්‍රේමදාස - චන්ද්‍රිකා - මහින්ද පාර්ලිමේන්තු වාර අවසන් කළ ඉතිහාසය මෙන්න

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ අවස්ථා 42ක් පිළිබඳ වාර්තා වනවා. ඉන් වාර 21ක් වාර්තා වන්නේ 1947 සිට 1978 දක්වායි. 78 සිට මේ දක්වා ඉතිරි වාර 21 වාර්තා වනවා.

1947 ඔක්තෝබර් 14 වැනිදා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පළමු
වාර අවසන් කිරීම සිදු වන්නේ 1948 ජනවාරී 31 වැනිදායි. ඒ, දින 10කට සීමා වන පරිදියි.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම වාර ගණනක් වාර අවසන් කළ කාලය සටහන් වන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේදීයි. 1978 සිට 1988 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ අවස්ථා ගණන 07ක්. ඒ අතරට මාසය ඉක්මවූ වාර 04ක් ද අයත්.

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ කාලය තුළ වාර අවසන් කළ වාර ගණන 04ක්. මාසයකට ආසන්න කාලයක් වාර අවසන් කළ අවස්ථා 03ක් ඊට අයත්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලය තුළ අවස්ථා 05කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. මාස 02කට ආසන්න වැඩිම කාල පරාසයක් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ කාලය ද ඊට අයත්.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ අවස්ථා 03කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. දින 02කට සීමා වූ අඩුම කාලයක් වාර අවසන් කළ අවස්ථාව වාර්තා වන්නේ ද එම කාලය තුළදීයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය තුළ දැනට පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇත්තේ අවස්ථා 02කදී පමණයි.