gossip lanka

පාර්ලිමේන්තුව කැඳවීම ගැන ජනපති අවසන් තීරණය ගනී

පාර්ලිමේන්තුව ලබන 7 වැනි දා කැඳවන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි කථානායකවරයා පවසනවා.

ඒ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් වෙත දැනුම් දුන් බවයි
කතානායක කරූ ජයසූරිය පවසා ඇත්තේ.

කථානායකවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ දැන් පැවත්වෙන දේශපාලන පක්ෂ නියෝජිත හමුවට එක් වෙමින්.

එහි දී කතානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ 7 වෙනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට වූ විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය කරනු ඇතැයි තමන් අපේක්ෂාවෙන් පසුවන බවයි.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙම හමුවට එක්ව සිටිනවා.