පාර්ලිමේන්තුවේ පිහි හරඹය ගැන පොලිස් විමර්ශන

ඊයේ (15) දිනයේ පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඇතැම් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවට පිහි රැගෙන ආවේදැයි යන්න පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස්
අධිකාරී රුවන් ගුණසේකර මහතා කීය .

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් වැලිකඩ පොලිසිය විසින් විමර්ශනය සිදු කරන බවද හෙතෙම පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් කථානායකවරයාට ද පැමිණිලි කළ බවයි. එවැනි පැමිණිල්ලක් ලැබී ඇතැයි කථානායක කාර්යාලය දන්වා ඇති අතර පොලිස් විමර්ශන වාර්තාව ලැබුණු පසු කථානායකවරයාගේ විමර්ශන සිදුවනු ඇති බව ඔවුහු කියා සිටී.