PickMe කරණම හා මගී දුක්ගැනවිල්ල

මෙරට ක්‍රියාත්මක කුලී රථ සේවාවන් සපයන ආයතන මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උනන්දු නොවන බවට මේවන විට මගීන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

එසේම ඔවුන්ගේ සේවාන් සඳහා එක්කරගනු ලබන රියදුරන්ගේ විනීතභාවය සම්බන්ධයෙන්ද ඔවුන් කිසිදු පරික්ෂාවක් සිදු නොකරන බව
පැවසේ.

මේ තත්ත්වය තවත් සනාථ කරනු ලබන සිද්ධියක් පසුගිය නොවැම්බර් 14 වැනිදා මහර කඩවත මහා මයා විද්‍යාලය ආසන්නයේ සිදුව තිබිණි.

ඒ එදින රාත්‍රී 11.05 ට පමණ PickMe කුලී රථ සේවයට අයත් මෝටර් රථයක් එම ස්ථානයේ උඩුකුරිඥ්ඤන් වී තිබිණි. එම අනතුර සියයැසින් දුටු බොහෝ දෙනෙකු අදාළ රියදුරුට මෝටර් රථය පාලනය කරගත නොහැකි ආකාරයේ වේගයකින් පැමිණි නිසා මේ අනතුර සිදුවූ බව පවසා තිබිණි.

කෙසේවුවද, මේ අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන් කළ මගියා වන යොහාන් දල්පදාදු නැමැත්තා මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබිණි.

ඔහු අදාළ සටහනේ යොදා තිබුණේද අනතුර දුටුවන් රියදුරු මෝටර් රථය පාලනය කළ නොහැකි ආකාරයට ධාවනය කළ බවයි. කෙසේවුවද රියදුරු එම අවස්ථාවේ ද යොහාන්ට මෝටර් රථය පාලනය කරගත හැකි වේගයකින් ගමන් කළ බවත්, මෝටර් රථයේ තිඑිංග නොමැතිවීම නිසා මේ අනතුර සිදුවූ බවත් පවසා තිබිණි.





































හැසීරිම අන්තිමයි ..

අනතුර සිදුවීමෙන් පසුව අදාළ මෝටර් රථයේ ගමන් ගත් මගියා වන දල්පදාදු මහතා මේ සම්බන්ධයෙන් PickMe ඇමතුම් අංශයට ඇමතුම් දෙකක් ලබාදෙමින් මේ පිළිබඳව දැනුවත් කළ ද ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශය දැනුවත් කරන බව පවසමින් දුරකථනය විසන්ධිකර තිබේ.

සිද්ධියෙන් පසුව දල්පදාදු මහතා රාගම බ්‍රවුන්ස් රෝහලින් පරීක්ෂණ කිහිපයක් කර ප්‍රතිකාර ලබාගෙන තිබේ. පසුදින ඒ මහතා PickMe app එක හරහා එම ආයතනයට පැමිණිල්ලක කර ඇත. පැමිණිල්ලට අනුව ඔහුට එම සමාගමින් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක්ද ඔහුගෙන් කර තිබේ. පසුව මේ එසේ ඇමතුම දුන් අය තම කළමනාකරුට මේ ගැන දන්වන බවත් ඔහු එම දිනය තුළ නැවත දල්පදාදු මහතාට කතා කරනු ඇතැයි පවසා ඇත.

කෙසේවුවද, ඔහුට එවැනි දුරකථන ඇමතුමක් ලැබී නොමැති අතර පසුව එදින හවස්වරුවේ ඔහු PickMe app එකෙන් දැමූ පැමිණිල්ලට පිළිතුරකු ලැබී ඇත එය පහත දැක්වේ.






































දල්පදාදු මහතාට එම අනතුර නිසා ඔහුට දැරීමට සිදුවූ වෛද්‍ය ගාස්තු ඔහුටම දරා ගැනීමට සිදුව ඇති බවද පැවසේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් පිහිට පැතීමට මෙරට කිසිදු ආයතනයක් නොමැති බව අප කළ සොයා බැලීමකදී හෙළිවිය.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි. මෙසේ කලී රථ සැපයුම් ආයතනවලින් මගීන්ට ලැබිය යුතු අයීතීන් නොලැබුණු පළමු අවස්ථාව මෙය නොවන බවත්, එසේ අසාධාරණයට ලක්වූ අවස්ථාවක ඒ සඳහා පිහිට පැතීමට ආයතනයක් නොමැතිවීම මේ තත්ත්වය තවත් බරපතල කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

එසේම අදාළ කුලී රථ සේවාවන් පවත්වනු ලබන ආයතන එවැනි ආයතනයක් ඇති කිරීමට බාධාකරමින් සිටින බවද ඔහු කීය.

කුලී රථ සේවාන් නිසා ඔබත් අසාධාරණයට ලක්ව ඇත්නම් editor@srilankamirror.com අප වෙත දැනුම් දෙන්න.

දල්පාදාදු මහතාගේ ෆේස්බුක් සටහනට PickMe දුන් පිළිතුර පහතින්


-srilankamirror
මෙම සිදුවීම සම්බන්දයෙන් අප කල විමසීමකදී picme ආයතනය අප වෙත පවසා සිටියේ දල්පදාදු මහතාට දැරීමට සිදුවූ වෛද්‍ය ගාස්තු සහ වියදම් වල බිල්පත් ආයතනයට ලැබෙන්නට සලස්වන්නේ නම්
ආයතනයක් වශයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකි බවයි