ජනාධිපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි : රනිල්ට 113 හරි !

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් අද (18) දිනයේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. මෙම සමුළුව අද සවස 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව තුළ පසුගියදා ඇතිවූ දේශපාලන නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියළුම දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 මේ සඳහා කථානායක කරු ජයසුරිය මහතාටද ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට අවශ්‍ය 113කට වැඩි බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත දිව්රුම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත බාරදීමට කටයුතු කරන බවයි.
gossip lanka