රනිල්ට යළි අගමැති ධුරය දෙන්නේ නෑ - එජාපයේ වෙන කෙනෙක් ආවොත් සලකා බලනවා - ජනපති ඉන්දීය මහකොමසාරිස්ට කියයි

රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අගමැති ධුරය පිරිනැමීමට තමා සූදානම් නැති බව ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙරට ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සින් සන්ධු මහතා හමුවේ ප‍්‍රකාශ කර ඇත.

පසුගියදා(14 දා) ඉන්දීය මහ කොමසාරිස්‌වරයා සමග පැවැති විශේෂ
හමුවකදී ජනාධිපතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්‌වරයා ජනපතිවරයා හමුවීමට පැමිණ තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ වෙනත් මන්ත්‍රීවරයකු ඉදිරිපත් වන්නේ නම් අගමැති ධුරය ලබාදීමට සලකා බැලිය හැකි බවද ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

කුෂාන් සුබසිංහ



gossip lanka