ජනපතිගෙ තීන්දුව අවුල් බව හූල් පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) දිනයේ පෙත්සම් 12ක් ගොනු කර ඇති බව මීට පෙර වාර්තා විය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි
සභාපති කබීර් හෂිම් පෙත්සමක් ගොනු කර තිබේ.







































ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා විසින් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දින් මහතා විසින් ද පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා එක් පෙත්සමක් ‍ගොනු කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තවත් පෙත්සමක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙත්සමක් ගොනු කර ඇත.

මීට අමතරව ලාල් විජේනායක, නීතීඥ අනුර ලක්සිරි, ජී.සී.ටී. පෙරේරා, ආර්.ඒ.එස්.බී. පෙරේරා සහ ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ද තවත් පෙත්සම් 5ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇතැයි, අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය.

gossip lanka