ආන්දෝලනයට තුඩුදුන් CID නිළධාරියාගේ ස්ථාන මාරුව අවලංගුයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගේ ස්ථාන මාරුව අවලංගු කිරිමට තමන් උපදෙස් ලබා දුන් බව පොලිස්පති පුජිත් ජයසුන්දර  ප්‍රකාශ කර සිටියා.

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට හදිසියේ ස්ථාන මාරුවිමක් ලබා දිම
සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ රටේ දැඩි කතාබහට ලක්වූ කරුණක් වුවා. ඒ ඔහු විසින් සිදුකරමින් තිබු විමර්ශන කිහිපයක් රටේ වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වූ සිද්ධීන් හේතුවෙනි.

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, කොළඹදි තරුණයින් 11 දෙදෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධිය ඇතුළු වැදගත් විමර්ශන කිහිපයක් සිදුකරමින් සිටියේ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා විසින්ය.