gossip lanka

'මම අහල තියෙන හැටියට ලෝකේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් පිල් මරු කරලා නැහැ' - ඇමති රාජිත සේනාරත්න

ඔබ දන්නවා පසුගිය දින කිහිපය තුල ලංකාවේ දේශපාලනික වශයෙන් බොහොම උණුසුම් කාරී තත්වයක් ඇති උනා.ඉතින් ඒ කාලය තුල රටේ මහත් ආන්දෝලනාත්මක් සිද්ධි රැසක් පාර්ලිමේන්තුව තුල සහ රට තුල ඇති සිදුවුනා. ජනාධිපතිතුමන් ගත් තීරනය ගැන වැඩියෙන්ම කම්පා වෙන්නේ ඔහුගේ බාර්යාවත්,දරුවනුත් නෙමෙයි මම තමයි මේ සම්බන්ධව වැඩියෙන්ම කම්පාවෙන පුද්ගලයා යැයි

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය ගරු දොස්තර රාජිත සේනාරත්න මහතා සමගරටේ වර්ථමාන සිදුව ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධව කෙරෙන කථාව.

මහින්ද රාජපක්‍ෂව පිළිගන්න බැහැ කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා මතය අනුව තමයි කවුද අගමැති කියලා පිළිගන්නේ.

ඉතින් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ගේනවා විශ්වාසබංගයක් ඉතින් එය ඒ මොහොතේම ඡන්ද විමසීමකට යාම පිළිබදවඔබතුමාගේ මතය මොකක්ද?
ඉතින් ඒකට අනිත් කණ්ඩායම විවාදයක් ඉල්ලුවේ නැහැ අනිත් කණ්ඩායම. අනිත් කණ්ඩායම විවාදයක් ඉල්ලුවොත් තමයි විවාදයක් තියන්න පුලුවන් වෙන්නේ. අපි ඔවුන්ගෙන් ඇසුවා මේකට විරුද්ධයි ද කියලා ඉතින් ඔවුන් ඒකට විරුද්ධයි කියලා කීවෙත් නැහැ. පාර්ලිමේන්තුවට පළමුවෙන්ම පනතක් ගෙනාවාම අහන්නේ කැමතියි ද? අකමැති ද? කයලා.

ජනාධිපතිතුමා නව අතමැති වරයා පත්කරායින් පසු කීවා එතුමා ඒක පිළිගන්නවා කියලා, නමුත් දවස් 03 කින් පස්සේ එතුමා කියන්නේ ඒක පිළිගන්න බැහැ කියලා. එතුමා නව අගමැතිව ගැසට් කරානම් එතුමට සිද්දවෙනවා පිළිගන්න.

ජනාධිපතිතුමාට මෙ වගේ තීරණයක් ගන්න සිදුවුනේ නකථානායක වරයා ගත් මේ දෙබිඩි ක්‍රියාකාලාපය නිසා කියලා කියනවා?

දැන් ශ්‍රෙෂ්ඨාධිකරනයත් කියනාව එතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී කියලා. පළවෙනියෙන් ගැසට් එක
කැන්සල් කරා, ඇයි ඒ වගේ කැන්සල් කරන්නේ, දෙවනුව තහනම් නියෝගයක් දුන්නා. ඒ කියන්නේ මෙතෙක් කල් ගත් ක්‍රියාවන් ශූන්‍ය කරලා. ඉතින් ඒ ක්‍රියාමාර්ග වලට අනුව තමයි තීන්දුවක් දෙන්නේ.

මේ වෙනකොට ආරන්චියක් යනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තබයි
කියලා?
ඔව් වෙන්න පුලුවන්නේ, ඒ බලය ජනාධිපතිවරයාට තියෙනවා. නමුත් මේ වෙලාවේ ඔහු එවැනි ක්‍රියාවක් සිදු කිරීම පහත් ක්‍රියාවක්. ඔහුට ඔහුගේ ධූර කාලයට විතරයි මේ තාවකාලිකව බලතල දීලා තියෙන්නේ. ඔහු රටේ විධායක ජනාධිපති වරයා ඔහු ඒ වගේ තීරනයක් ගන්නවා එය ඉතාමත් පහත් ක්‍රියාවක්.

දැන් මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ඇමතිවරුන් අමාත්‍යාංශ වල ඉන්නවා, ඔබලා ඉන්නේ එළියෙ කොහොමද ඔබලා මේ වැඩ කටයුතු සිදු කරන්නේ,?
දැන් ඒ අයට ඉන්න බැහැ. එහෙමනම් ඒ සියළු දේවල් වලට මහජන බලය යොමු කිරීමට සිද්ධ වෙනවා. දැන් මේ ජනාධිපතිවරයා කරන්නේ මේ රට විනාශයකට ගෙනියන එක. මෙතුමා මේ කරන වැඩේට අපිත් පාපකරැවන් වෙනවා.

ජනාධිපතිතුමා ආණ්ඩුවත් එක්ක යම් ගැටුමක හිටියා කයලා යම් යම් මත ප්‍රකාශ වෙනවා?

ආණ්ඩුවක් එක්ක ගැටුමක් නෙමෙයි එතුමා කියන්නේ එතුමා කියන්නේ රනිල් එක්ක ගැටුමක් කියලා. දැන් එතුමා එතුමාවම බලයට පත් කරපු මිනිස්සුන්ගෙන් තමයි පලි ගන්නේ. ඒක දේශපාලනික වශයෙන් නෙමෙයි ඒක මානුෂික වශයෙන් අප්‍රියජනකයි.

ජනාධිපතිතුමාට මෙවැනි තීරණයක් ගැනීමට සිදු වෙන්නේ ඔහුට ඒ තරම් ප්‍රශ්න ආණ්ඩුවතුල තිබුණ නිසාද?
එතුමාට එහෙමනම් ආත්ම ශක්තියක් නැහැනේ. ඒවට විරුද්ධව නැගී සිටීමට එතුමාට ආත්ම ශකිතියක් නැති කම තමයි එතුමා පෙන්නනේ. එහෙම දේවල් තිබුණානම් අපිත් එතුමට සහයෝගය දෙනවනේ. අගමැතිකම බාර ගන්න කියලා කරු ජයසුරිය මැතිතුමාට එන්න කියනකොට ඒවා ඔක්කොම රහසින් කරපු වැඩ. ඒවට තමයි කැබිනට් එකක් තියෙන්නේ. තව පාර්ලිමේන්තුව තියෙනවා ඇයි පාර්ලිමේන්තුව කැදවා එතුමා ඒ ගැන කීවේ නැත්තේ. අනිත්එක එතුමා ඇයි මේ තරම් බලතල වලට කෑදර වෙන්නේ. එතුමා ආවේ මේවා අයින් කරන්න. එතුමා සොබිත හාමුදුරුවන්ගේ දේහය ඉස්සරහා පොරොන්දු වුනේ මේවා නැති කරනවා කියලා.
ජනාධිපතිතුමා මේ තීරණය ගන්න පෙර ඔබ හා චතුර සේනාරත්න මහත් එතුමන් සමග සාකච්ඡා කළා.
නැහැ. ජානාධිපතිතුමා මේ තීරණය ගන්න කලින් ගියෙ නැහැ. ඔය ක්‍රියාමාර්ග ගත්තට පස්සේ තමයි එතුමා මට
ආර්ධානා කළේ. පස්සේ ඒ ආර්ධනාව මම ප්‍රතික්‍ෂේප කළා. පස්සේ එතුමා මට කීවා විශේෂ පණිවිඩයක් තියෙනවා කියලා. පස්සේ මම රනිල් වික්‍රමාසිංහ මහත්තයත් එක්ක කථා කරලා ජෝන් අමරතුංග මහත්තයත් එක්ක ගිහින් හමුවුනා. එතනදී ඉතා සාධනීය තත්වයකට ආවා. ඒ තමයි නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කථා කරලා මේ අර්බුදය නැවත විසදගන්න. වෙනි වටයේ මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එක්කත්, රටට උචිත ජාතික වැඩපිළිවෙලක් ගැන එකගතාවයකට අපි ආවා. පස්සේ අපේම පුද්ගලයෝ තියෙන දේශපාලන මෝඩකම නිසා ඒකට වෙන වෙන අර්ථකතන දාලා මහ ලොකුවට ගැහුවා. මොකකද් ගැහුවේ මහින්දත් , රනිලුත් නැති අළුත් අගමැතිවරයෙක් පත් කර ගන්නවා කියලා. පස්සේ එක් මන්ත්‍රී වරයෙක් ඒක මාධ්‍යට දුන්නා. අන්තිමට මහින්ද මහත්තයා කීවා මට ඒ පැත්ත් නැති වෙනවා අනිත් පැත්තත් නැති වෙනවා ඉතින් මට අනිත් පැත්ත හැරෙන්න සිද්ධ වෙනවා කියලා.

යම්කිසි හෙයකින් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරලා වෙනත් පුද්ගලයෙකු මේ නායකත්වයට ගෙනආවොත් ඔබ එයි පිළිගන්නවාද?
නැහැ. මම පිළිගන්නේ නැහැ මේ වෙලාවේ. මේ පක්‍ෂෙය් නායකයා කවුද කියලා තෝරන්න ඔනේ මේ පක්‍ෂ විසින්ම මිසක් වෙනත් පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ විරුද්ධවාදීන් නෙමෙයි.

ජනාධිපතිතුමත් එක්ක මේ අතර මැද ඔබ තුමාලත් එක්ක එකගතාවයකට එන්න ඉඩක් තියෙනවාද?
ඔව් තියෙනවා. මොකද එතුමා මට කියලා තියෙන්නේ ඩොක්ටර් ඕන දෙයක් ගැන මාත් එක්ක කථා කරන්න එන්න කියලා. ඉතින් මේ ඔහු ගත් තීරනය ගැන වැඩියෙන්ම කම්පා වෙන්නේ ඔහුගේ බාර්යාවත්, දරුවනුත් නෙමෙයි මම තමයි මේ සම්බන්ධව වැඩියෙන්ම කම්පාවෙන පුද්ගලයා.

gossip lanka