gossip lanka

හමුදාව ලවා කාණු කපන්න කියූ TNA මන්ත්‍රීවරයා මහින්ද ළඟ දේශප්‍රේමීයෙක්ද? (video)

හමුදාව ලවා කාණු කපන්න කියූ දෙමළ ජාතික සන්ධානයේ එස්. වියාලේන්දිරන් මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දේශප්‍රේමියෙක් වන්නේ කෙසේදැයි රාජිත සේනාරත්න මහතා විමසයි.

සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේදී.

සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ විරු සමරුවට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ එකම මන්ත්‍රීවරයා වූයේ වියාලේන්දිරන් මහතා වන අතර එදා මහින්ද
රාජපක්ෂලාට ඔහු දේශද්‍රෝහියෙක් වූ බව සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතා අන්තවාදීන් ආරක්ෂා කරන තැනට පත්ව ඇති බවයි ඔහු අවධාරණය කළේ.