gossip lanka

සජිත් පිලේ කිහිපයක් පාර්ලිමේන්තුවේ ඡන්දය වර්ජනයේ ! - රනිල්ට පක්‍ෂ නායකත්වයත් නැතිවීමට ආසන්නයි

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර සජිත් පේ‍්‍රමදාස මහතා පත් කිරීමට එම පක්‍ෂය තුල ඇතිව තිබෙන අරගලය තවත් තීව‍්‍ර වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට අහිමි වීමත් සමග ඔහුගේ පක්‍ෂ නායකත්වයද අහිමි වනු ඇති බවත් නව නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් වනු ඇති බවත් ඔහුට සමීප බොහෝ දෙනා විශ්වාසයෙන් සිටිති.


යහපාලන රජජය දෙදරා යාමට ප‍්‍රධාන හේතුව රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණ බවට දැනටමත් එජාප ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු චෝදනා කරමින් සිටිති.

මේ තත්වය මත ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී රනිල් යික‍්‍රමසිංහ මහතා රැුක ගැනීම වෙනුවෙන් ඡුන්දය භාවිතයෙන් වැලකී සිටීමට සජිත් පිලේ කිහිප දෙනෙකු දැනටමත් තීරණය කර ඇති බවත් එහි අරමුණ රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් දුර්වල කර පක්‍ෂ නායකත්වය ලබා ගැනීම බවත් තව දුරටත් වාර්තා වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් ටී.එන්.එල්. නාලිකාවෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට මේ දිනවල දිගට හරහට පහර දෙමින් සිටින්නේ මෙම සැලසුම ගැන වේලාසන දැනුවත් වීම මත යයිද සදහන්ය.