gossip lanka

මහින්ද අගමැති කල පසු රුපියල වැටෙනවා.. තව මාසයක් ගියොත් ඉවරයි..- රනිල්

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල පසු රුපියලේ වටිනාකම 1-2%කින් අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ අකාරයෙන් තව මාසයක් ගියොත් කොපමන අඩු වේදැයි කිව
නොහැකි යයිද ඔහු කියා සිටී.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

තමන් අගමැති ලෙස සිටියදී ජනාධිපතිවරයා විසින් තවත් අගමැති කෙනෙක් පත් කර ඇති බවත් මෙම ප‍්‍රශ්නය විසදාගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.