රනිල් කෝපයෙන්.. කතානායකට, ජයම්පතිට ශුද්ද සිංහලෙන් අමතලා…?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති හා කතානායක කරු ජයසූරය ගැන බලවත් කෝපයෙන් පසුවන්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල
මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

පරන තරහවල් පිරිමසා ගැනීමට කතානායකවරයා උපක්‍රමශීලීව මෙම තත්වය උද්ගත කර පක්‍ෂයේ ඉදිරි සැලසුම් සියල්ල විනාශ කලේ එලිපිට චෝදනා එල්ල වෙමින් ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

වික්‍රමසිංහ මහතාට කතානායකවරයා ආසන්න දිනකදී දුරකථනයෙන් ඇමැතූ අවස්ථාවේදී දැඩි කෝපයෙන් බැණ වැදී ඇති බවත් එහිදී රනිල් වික5මසිංහ මහතා සාමානයයෙන් භාවිත නොකරන ‘ශුද්ධ සිංහල’ වචනවලින්ද බැන වැදී ඇති බවත් සදහන්ය.

එමෙන්ම 19 සංශෝධනයේ ප‍්‍රධාන සැකසුම්කරු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාටද ශුද්ධ සිංහලෙන් අමතා ඇති බවත් වැඩි දුරටත් දැක්වෙයි.

- lankacnews