gossip lanka

වසන්ත සේනානායකගේ DNA පරීක්ෂා කිරීමේ සූදානමක්

සිය තනි ආණ්ඩුවක් පිහිටවූ සැණින් අමාත්‍ය වසන්ත සේනානායකගේ DNA පරීක්ෂණයක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවැති එජාප විරෝධතාවක් අතරතුර දී.

වසන්ත සේනානායක සැබැවින්ම සේනානායක පරපුරේ දැයි
බැලීමට එලෙස DNA පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි රාමනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුවන වසන්ත සේනානායක පසුගිය දා මෛත්‍රී – මහින්ද රජය වෙත සහය පළ කිරීමට එක් වූ අතර එහි දී ඔහුට කැබිනට් අමාත්‍ය ධූරයක් ද හිමි වුණා.

කෙසේ වෙතත් ඔහු මෙම අමාත්‍යධූරයේ දිවුරුම් දීමට පෙර දින අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් ද පවත්වමින් සඳහන් කළේ තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය අතහැර නොයන බවටයි.

කෙසේ වෙතත් වසන්ත සේනානායක මේවන විට ද පවසන්නේ තමා නව රජයේ අමාත්‍යධූර භාරගත් නමුත් එක්සත් ජාතික පක්ෂය හැර නොගිය බවයි.