පාර්ලිමේන්තුව නැවතත් වාර අවසාන කර ජනමත විචාරණයකට යාමේ තැතක් !

පාර්ලිමේන්තුව නැවතත් වාර අවසාන කර ජනමත විචාරණයකට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ, මේ වන විට ජනතා පරමාධිපත්‍ය කථානායක කරූ ජයසූරිය මහතා විසින් බරපතළ ලෙස හෑල්ලුවට ලක් කර ඇති හෙයින් එය නැවත ස්ථාපිත කිරීම සඳහා මේ වන විට ඉතිරිව ඇති එකම විකල්ප විසඳුම වන්නේ නැවතත් පාර්ලිමේන්තුව වාර අවසාන කර ජනමත
විචාරණයක් පැවැත්වීම බව ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතමයින්ගේ අදහස වී ඇති බවයි.

මෙම ජනමත විචාරණයේදී විමසීමට අදහස් කෙරෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්නයි.
මෙය බොහෝදුරට එළඹෙන සිකුරාදා දිනට පෙර සිදුවිය හැකි බවයි එම ප්‍රකාශකයා අප සමග වැඩිදුරටත් සඳහන් කළේ.

- lankanewsweb