ජනපති බොදුබලයේ හිමිවරුන්ට කනගාටුව පළ කරයි

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් ඊයේ (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව ම සිය කනගාටුව පළ කර සිටී.

උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට
දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

gossip lanka