gossip lanka

"අභියෝග භාර ගැනීමට බය නැහැ'' - සජිත් කියයි

ඕනෑම අභියෝග භාර ගැනීමට තමන් බිය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන්ට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පැවති රැලියකදී කළ ප්‍රකාශය පිළිබඳව ඊයේ (07)
පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එබව සඳහන් කළේය.

"අපි බලයට පත් වුණේ යහපාලනය ක්‍රියාත්මක කරන්න. මගේ අරමුණ වුණේ, ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකට එකතු කරල සංහිඳියාවෙන් එකට ගමනක් යන්න. අර්බුදය මුල් කරගෙන පෞද්ගලික වාසි ගන්න එක නෙවෙයි මගේ අරමුණ වුණේ" යයි පැවසු සජිත් ප්‍රේමදාස මහතා, "මම ඒ අවස්ථාවෙ යුක්තිගරුකව, ගුණගරුකව, ශිෂ්ට සම්පන්න ආකාරයට හැසිරුණා. මං එතනදි දක්වපු ප්‍රතිචාරය නිවැරදියි කියල මම පිළිගන්නවා" යයි කියා සිටියේය.