gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප අගමැති අපේක්‍ෂකත්වයට සජිත්ගේ නම යෝජනා වෙයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන ලෙස යෝජනා හා අදහස් රැුසක් ඉදිරිපත්වී ඇති බව එම පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය නිල
වශයෙන් තීරණයක්‌ ගෙන නැතැයිද හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටිමින් අදාළ සියලු කටයුතු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සිදුකිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙන බවත්, ඒ අනුව ඔහු විසින් මැතිවරණයට අදාළ සියලු කටයුතු සංවිධානය කරනු ඇති බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌  පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය මහ මැතිවරණයට පුළුල් සංවිධානයක්‌ යටතේ තරග කරන බවත්, මුස්‌ලිම් පක්‍ෂ නායකයන් මේ වන විට විදෙස්‌ සංචාරයක නිරත වී සිටින නිසා ඔවුන් පැමිණි පසු මැතිවරණයට අලියා ලකුණින් හෝ හංසයා ලකුණින් තරග කරනවාද යන්න තීරණය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

- දිවයින



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka