gossip lanka

මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවක්‌ ඉදිරියටත් පිහිටුවිය හැකියි - සජිත්

පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ නොමැති බැවින් ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් වියරුවෙන් හැසිරුණු බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති
මාධ්‍ය හමුවකදී පැවසීය.

 එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

 පරාජය දැන සිටි පිරිස්‌ මර්දනකාරී ලෙස හැසිරුණා. නිල නොවන, නීත්‍යානුකූල නොවන ලෙස පත් වුණ දේශපාලන පක්‍ෂයක්‌ වශයෙන් ඔවුන් සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළා.

 පාර්ලිමේන්තුව තුළ බහුතරයක්‌ නොමැති බැවින් ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු වියරුවෙන් හැසිරුණා.

 පසුගියදා සිදුවූ අතපසුවීම නිවැරැදි කර ගනිමින් අද දිනයේ දී නැවතත් විශ්වාසභංගයක්‌ ගෙන ඒමට සියලු කටයුතු යොදා තිබුණා. ඒ සියල්ල ආණ්‌ඩු පක්‍ෂය විනාශ කර දැම්මා.

 කෙසේ වෙතත් ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දී ඇති බව දක්‌නට ලැබුණා. ඒ බව එතුමා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය තුළින් දක්‌නට ලැබුණා.

 ඊයේ අපි ප්‍රධානම අභියෝගය ජයග්‍රහණය කළා. මා අදටත් පිළිගන්නේ රටේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත්, අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් පමණයි. ඔවුන් දෙපළ කතා කර රජයක්‌ පිහිටුවීමේ ක්‍රියාවලිය ඉදිරියට කළ හැකියි.

- දිවයින

gossip lanka