වසන්ත යළි ගත්තොත් අපි එජාපයෙන් යනවා සරත් ෆොන්සේකා කියයි

ඇමැති වසන්ත සේනානායක මහතා එක්‌සත් ජාතික පක්‌ෂ පාවා දුන් බවත් ඔහු නැවත එජාපය සමග එක්‌වන්නේ නම් තමුන් එජාපයෙන් ඉවත්වීමට සූදානම් බවත්, හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ගම්පහ ප්‍රදේශයේ දී ඊයේ (23දා) පැවැති ආගමික උත්සවයක්‌ අවාසනයේ
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

වසන්ත සේනානායක නැවත එජාප සමග එකතුවෙන්න උත්සාහ කළා. ඔහු සේනානායක කෙනකු වූවත් එජාපයට අවශ්‍ය නොවන නිසා අපි ඒ ඉල්ලීම ඉවත දැමුවා. ඔහු පමණක්‌ නොවෙයි තවත් කීප දෙනෙක්‌ කළ ඉල්ලීම් අපි ඉවත දැමුවා.

අද බහුතරයක්‌ නොමැති ආණ්‌ඩුවක්‌ තමයි රට පාලනය කරන්නේ. ඒ නිසා විදේශ ආධාර සහ ණය මුදල් ලබාදීමත් මුළුමනින්ම නතරවී තිබෙනවා. මැතිවරණයත් පැවැත්වීමට නම් විධිමත් ක්‍රමයට එය කළ යුතුයි. තනි පුද්ගලයකුගේ වුවමනාවට කරන්න බැහැ.