යළි නොසන්සුන් තත්ත්වයක් ! : හමුදාව සීරුවෙන් !!

රටේ පාලන බලය සම්බන්ධයෙන් මේ වන විට බරපතල දේශපාලන අර්බුදයක් මතුව ඇති අතර ඒ අනුව ත්‍රීවිධ හමුදාව සීරුවෙන් තබා ඇත. ඒ,  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රාත්‍රී අටට රැස්වු ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවය.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහි දී දීර්ඝ සාකච්ඡා කර ඇති අතර රට තුළ පවතින සාමකාමී
පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිවරයා සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව මේ වන විට රටේ සියලු මර්මස්ථානවල ආරක්ෂාව සඳහා හමුදාව යොදවා තිබේ.

ත්‍රිවිධ හමුදාවට පුර්ණ බලතල !

කවුරුන් කුමන තීන්දු දුන්නද බලයේ සිටින්නේ ජනාධිපති වන තමාත්, අගමැති වන මහින්ද රාජපක්ෂ පුමුඛ නව කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව බවත් එය ආරක්ෂා කර ගත යුතු යැයිද ඒ සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය බලතල ලබා දෙන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී අවධාරණය කර ඇතිබව වාර්තාවේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් පාර්ලිමේන්තුවේ බලය වැඩි කාටදැයි පෙන්වූවද හමුදාව කැඳවා තම බලය එලෙසම පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත.