gossip lanka

ඉදිරි පාර්ලිමේන්තුවට ශ්‍රීලනිප මන්ත්‍රීවරු 40ක් ! - 'රිමෝට් එක' මෛත්‍රී අතට !

ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 කට වැඩි ගණනක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම හරහා අලුත් පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රීලනිපය පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු පැවසිය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය අතහැර පොහොට්ටුවට
එක්වීම නිසා ශ්‍රීලනිපයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී ඔහු එබව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසිය.

'' මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේවගේ වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහරි කියල ජනාධිපතිතුමා විශ්වාස කලේ නැහැ .. ජනාධිපතිතුමා මේ ගැන බැසිල් රාජපක්ෂ මහත්තයට දොස් කියලත් තිබුනා. මේ නිසා අපේ පක්ෂයේ මන්ත්‍රීවරු සංවිධායකයෝ හොඳටම බයවෙලා. දුමින්ද දිසානායක ඇමතිතුමා, බැසිල්ගේ මුනටම කිවා එයා පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියලා. සරත් අමුණුගම ඇමැතිතුමාත් හිටියේ ඒ ස්ථාවරයේ. පස්සේ අපි මේ ගැන ජනාධිපතිතුමාට ගිහින් කිව්වා.

ජනාධිපතිතුමා කිවා බයවෙන්න එපා කියලා ..පොහොට්ටුවෙන් නෙමෙයි පොදු ලකුණකින් තරඟ කරන බව එතුමා කිවා. හැම දිස්ත්‍රීක්කයකින් ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙන්නෙක් පාර්ලිමේන්තුවට පත්කර ගන්න එතුමාගේ සැලැස්මක් තියනවා කිව්වා. ජාතික ලැයිස්තුවෙන් අපේ පක්ෂයට මන්ත්‍රීවරු හත්දෙනෙක් ගන්නවා කිවා..අපට බය නැතුව ඡන්දයට ඉදිරිපත් වෙන්න කිවා. ඔක්කොම ජනාධිපතිතුමා බලාගන්නම් කිවා''

gossip lanka