'පොහොට්ටුව' අතරමැද සමාදානයකට සුදානම් !

මේවනවිට ශ්‍රී ලංකාව තුල මතුව ඇති දේශපාලන අර්බුදය සාමකාමී ලෙස නිරාකරණය කර ගැනීම සුදානම් බව පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සමග ජනාධිපතිවරයා ඊයේ පැවති සාකච්ඡාවේදී  ගෙන ඇති තීන්දු තීරණ වලට කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි කල විමසීමේදී පොහොට්ටුවේ ප්‍රකාශකයා ඒබව
සඳහන් කළේය.

''යම් වැරද්දක් නිවැරදි කරන්න කියල තවත් වැරද්දක් කරලා හරියන්නේ නැහැ .. ජනාධිපතිතුමා කටයුතු කලේ ව්‍යවස්ථාවට අනුව. නිත්‍යානුකුලව .. ඒ අනුව එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තය ඉවත්කරලා, මහින්ද මහත්තයව පත්කළා. පාර්ලිමේන්තුව කල් දැම්ම. මැතිවරණයක් ප්‍රකාශයට පත්කළා.. හරි ඒවා වැරදියි කියන අය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩලා කටයුතු කිරීම හරි ද? '' ඔහු විමසා සිටියේය.

කෙසේවුවද වහ වහාම මෙම දේශපාලන අර්බුදය විසඳා ගැනීමට අතරමැද සමාදානයකට යායුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

 සමාදානයට මංගල කාරණයක් !

'' අපේ රටේ විතරක් නෙමෙයි, අපට ආසන්නයේ සිටින මාලදිවයිනේ, බංගලි දේශයේ මෙවැනි දේශපාලන අර්බුද ඇතිවුනා. ඇතැම් රටවල ප්‍රශ්න විසදන්න ජගත් සංවිධානය පවා මැදිහත්වුනා. ඒ ඒ රටවල මැදිහත් දේශපාලනඥයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මැදිහත්වුනා.

මංගල සමරවීර වැනි දෙපාර්ශවයටම පිළිගත හැකි මන්ත්‍රීවරයකුට ඒ සඳහා අතරමැදි කාර්ය භාරයක් ඉටුකළ හැකියි... ඔහු වැනි අයත් අන්තවාදී ලෙස කටයුතු කිරීම මේ ප්‍රශ්නය උග්‍ර කිරීමක්..කොහොම වුනත් දැන් වහ වහාම අතරමැද විසඳුමකට යා යුතුයි. එවැනි එකඟත්වයක් මත පුළුල් ජනවරමකට යාම වසත් සුදුසුයි කියල අපි හිතනවා'' යයි එම ප්‍රකාශකයා කියා සිටියේය.

මෙම අර්බුදයේදී සමාජ මාධ්‍ය ඒකපාර්ශ්විකව කටයුතු කරන බවට චෝදනා කල එම ප්‍රකාශකයා, තම පාර්ශවයේ මතයට ද සාධාරණ ඉඩක් දෙන්නැයි වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

gossip lanka