gossip lanka

වොඩ්කා ඇල්වතුර කල රංගෙ බණ්ඩාරගේ හඬපට සෙල්ලමට පොහොට්ටුවෙන් ප‍්‍රහාර..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රංගේ බණ්ඩාරගේ ප‍්‍රකාශය ද්වේෂසහගත විකෘතියක්

රට හමුවේ නිර්මාණය වු නව දේශපාලන තත්වය සමස්ත ජාතියේම
ඇගයීමට ලක් වෙමින් තිබේ. එම යහප‍්‍රවනතාව හමුවේ කුපිත වුවන් අතර පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා ඉදිරියෙන්ම සිටින බව අපට නිර්ක්ෂණය වේ. පාලිත රංගේ බණ්ඩාරගේ දවල් මිගෙල් රැු දැනියල් දේශපාලනය ගැන මෙරට පුරවැසියාට අමුතුවෙන් කරුණු පැහැදිලි කල යුතු නැතග ප‍්‍රචණ්ඩකාමී ඔහුගේ සමස්ත දේශපාලනය ජීවිතයම ව්‍යජ රංගනයක.

පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයාගේ දේශපාලන රංගනයන් පිළිබද කලබල විය යුතු නැතත් ඔහුගේ නවතම දේශපාලන හැසිරවීම හමුවේ අපට නිහඩව සිටිය නොහැකග ඔහු වැනි අයෙකු සමග දේශපාලන එකගතාවක් ඇති කර ගැනීමට තබා එවැන්නක්් ගැන සිතීමටවත් අප උනන්දු වන්නේ නැත. ඒතරමට ඔහු මානව සමාජයේ පිළිගත් හර පද්ධතීන්ට අභියෝග කල දේශපාලකයෙකි.

මාතෘභුමියේත් සමස්ත රට වැසියාගෙත් පොදු යහපත පිණිස ජනතා පරමාධිපත්‍ය සුරැකීමට අප වෙහෙසුන බව රහසක් නොවේ. නමුත් පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා සිදු කරන ප‍්‍රකාශයන් සමග අපට කිසිදු සම්බන්ධයක් නැති බව අවධාරනයෙන් ප‍්‍රකාශ කරන්නේමුග එය හුදේක්ම මහජන අවධානය වෙනතක හැරවීමේ සහ මහජනතාව නොමග යැවීමේ කූඨ ප‍්‍රයත්නයකි.

පෞද්ගලික දුරකථන සංවාදයක් වැරදි දේශපාලන අර්ථකතනයක් ද සමග ප‍්‍රසිද්ධියට පත් කිරීම ශිෂ්ඨාරගත සමාජයකට කොහෙත්ම ගැලපෙන්නේ නැතග පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා වැනි අයෙකුගෙන් එවැනි සදාචාරයක් බලාපොරොත්තු විම අර්ථවිරහත වුවත් සදාචාර විරෝධි හැසිරිම් සම්බන්ධයෙන් නිහඩව සිටිම සුදුසු නැතැයි අපට හැගේ.

වීදුරු ගෙවල් වල සිට අනේකාට ගල් නොගසන්නැයි අපි පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයාට කාරුණිකව සිහිපත් කරන්නේම එකී සිහිපත් කිරීමෙහි යටිපෙල අරුත ක්ෂණීකව වටහා ගන්නට ඔහුට හැකිවෙතැයි අප අපේකෂා කරන්නෙමු.

අවසාන වශයෙන් අප පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා වෙත දැඩිව අවධාරණය කරන්නේ ව්‍යාජ ප‍්‍රහාරයන්ගෙන් අප බිම හෙලීම මත් වතුර ඇල් වතුර කරනා තරම් පහසු නොවන බවයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ