පොහොට්ටුව අත වෙන්ව තරග කර පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යෝජනා..

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ දෙක වෙන් වෙන්ව තරග වැදී යුතුයැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

මෙම පක්ෂ දෙක එක ලයිස්තුවක් යටතේ තරග කළහොත් මැතිවරණයට
තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි විශාල පිරිසකට තරග කිරීමේ අවස්ථාව අහිමි වන බව ඔවුන්ගේ අදහසයි.

පක්ෂ දෙක වෙන වෙනම තරග කර පසුව පාර්ලිමේන්තුවේදී පක්ෂ දෙක එක්ව ගිවිසුමක් මගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි බවත් ඔවුනගේ අදහසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පළමු ස්ථානය දිනා ගනු ඇති බවත් ඔවුනගේ පුරෝකථනයන් වී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත්තේ පක්‍ෂ දෙක එක්ව තරග කිරීම සඳහා වන සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි.