රනිල් එළවීමට අරලිය ගහ මන්දිරයේ විදුලිය සහ ජලය කැපීමේ යෝජනාවක්

හිටපු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් රැඳී සිටින අරලිය ගහ මන්දිරයේ විදුලි සහ ජල සැපයුම විසන්ධි කිරීමට යෝජනාවක් පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් ප්‍රකාශ කළා.

ඒවැනි දෑ සියල්ල කිරීමට බලය රජය සතුව ඇති බවයි ඔහු පෙන්වා
දුන්නේ.

එහෙත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ එවැනි දෙයක් සිදු කොට ඇවිලෙන ගින්නට පිදුරු දැමීම සිදු නොකළ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී.

මේ අතර එම මාධ්‍ය හමුවටම සහභාගි වූ රෝහිත අබේගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ එජාපයේ පිරිසට නඩු පැවරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.