ඊයේ සවස නාත්තන්ඩියේදී සැප බසය හැමිල්ටන් ඇළට පෙරළී 3ක් මරුට; 30 කට තුවාල: 6 කට බරපතළයි

මගීන් 50 කට ආසන්න පිරිසක් රැුගෙන යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රථයක්් ඊයේ (29 දා) පස්වරු 3.30 ට පමණ තෝප්පුව ලූණුඔය මාර්ගයේ නාත්තන්ඩිය වලහපිටිය ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන හැමිල්ටන් ඇළට පෙරළීමෙන් මගීන් තිදෙනකු මියගොස් 30 කට ආසන්න පිරිසක් තුවාල
ලබා ඇතැයි මාරවිල පොලිසිය පවසයි.


අනතුර සිදුවන අවස්‌ථාවේ පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයෙන් බස්‌ රථය ධාවනය කර ඇති බව ද හදිසියේ තිරිංග තද කිරීමත් සමගම බස්‌ රථය කැරකී විරුද්ධ දිශාවට හැරී ඇළට පෙරළී ඇති බව ද පොලිසිය පවසයි.

මේ වනවිට මාරවිල මූලික රෝහලේ තුවාලකරුවන් 23 දෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන්a 6 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. පෙරළුණු බස්‌ රථය මඳක්‌ ඔසවා එය සිරවී සිටි තිදෙනකු ගොඩ ගත් අතර ඉන් දෙදෙනෙක්‌ මියගොස්‌ සිටියහ.

බස්‌ රථය ඔසවන ලද්දේ පෙරළීමෙන් පැය දෙකකට ආසන්න කාලයක්‌ ගත වීමෙන් පසුය. බස්‌ රථය ගොඩ ගැනීම සඳහා දොඹකර 05 ක්‌ පමණ යොදා ඇති අතර ඊයේ පස්‌වරු හය වනතුරුත් බස්‌ රථය ගොඩ ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීහු දැඩි උත්සාහයක නිරතව සිටියහ.

තුවාලකරුවන් ගෙන යැම සඳහා ගිලන් රථ වාර 12 කට ආසන්න සංඛ්‍යාවක්‌ ධාවනය විය. සිද්ධිය සම්බන්ධයෙන්a නාත්තන්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.