gossip lanka

හෙට රැලියට පෙර 113 පෙන්වීමට යයි !!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් තවත් කිහිප දෙනෙකු අද (04) දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිව්රුම් දීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ අලුත් ආණ්ඩුවට සහාය පළකිරීමේ මහජන රැලියක් හෙට (05) දහවල් 12.00 ට පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වෙන බව පැවසු එම ප්‍රකාශකයා, ඊට පෙර පාර්ලිමේන්තු බහුතරය පෙන්වන බව අවධාරණය කර සිටියේය.

‘‘රට රකින ජනමහිමය’’ මැයෙන් පැවැත්වෙන මෙම ජන රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ රැසක සහයෝගය ලැබෙන බවත් ඊට ලක්ෂ 05කට වැඩි ජනතාවක් සහභාගී වන බවත් ඔහු කියා සිටියේය.

තවත් කැබිනට් අමාත්‍ය ධුර 15ක් පුරප්පාඩුයි

අභිනව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 15දෙනකු , රාජ්‍ය අමාත්‍යවරු 08දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 08දෙනෙකු මේ වන විට අමාත්‍යාංශවල දිවුරුම් දී තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුයි.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධුර 15ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 24ක් පුරප්පාඩුව පවති.

එක්සත් ජාතික පක්ෂය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරු 06 දෙනෙකු නව රජයට සහය පළ කරමින් අමාත්‍යධුරවල දිවුරුම් දුන් අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ද ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා ද නව රජයේ අමාත්‍යධුරයක් ලබාගත්තේය.