gossip lanka

කතානායක කම හිර ගෙදර ජම්පරයෙන් කෙලවර වෙයිද ?

පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම්
පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා කියා.

ඒ වගන්තියේ ම සඳහන් වන ආකාරයට එවැනි වරදක් සඳහා උපරිම වශයෙන් බරපතළ වැඩ සහිතව දස වසරක් හිරේ දමන්නට පුළුවන්.

කතානායකතුමා ප්‍රසිද්ධියේ අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ගේ තනතුර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වාසිදායක අයුරින් භාවිතා කරමින් ඉන්නවා. එය ඉහත වරදට හසු වෙනවා.

ගරු කතානායකතුමනි, ඔබේ දිගු කාලීන සුදු පිරුවට ජීවිතය අවසන් කරලා පසුගිය සති දෙකේ කොල පාට ඇඳගෙන කරනු ලබන මේ නාඩගම අවසන් වෙන්නේ සිපිරිගෙදරින් කියන එක අපි එතුමන්ට අනතුරු ඇඟවීමක් විදිහට ඉතාම කනගාටුවෙන් වුණත් සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

gossip lanka