එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් පිරිසකට ඔවුන් පැමිණි පෞද්ගලික හෙලිකොප්ටර් යානය මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයට ගොඩබැසීමට ඉඩ නොදීම නිසා ඔවුන්ට කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් ගොඩබැසීමට සිදුව තිබේ.
හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් හිටපු ඇමැතිවරුන් කිහිපදෙනකු පැමිණ ඇත්තේ අස්ගිරි
පාර්ශවයේ මහ නායක හිමියන් බැහැ දැකීම සඳහාය. කුණ්ඩසාලේ සිට ඔවුන් අස්ගිරි මහ විහාරය දක්වා පැමිණියේ කුලී වෑන් රථයක් උපයෝගි කරගෙනය.
අස්ගිරිය පොලීස් ක්‍රීඩාංගණයේ ගොඩබැස්සවීම සඳහා තමන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවසර ලබාදුන් නමුත්, එහි පැමිණෙන විට පොලිසිය යානය ගොඩබැස්සවීමට ඉඩ නොදුන් බව අමාත්‍ය දයා ගමගේ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් හමුවේ කියා සිටියේය. මෙය ජනාධිපතිවරයා හා නව අගමැතිවරයා සම්බන්ධ ගැටලුවක් නොවන නමුත් අදාළ පොලිස් නිලධාරින් මෙවැනි දේ මගින් ලකුණු ලබාගැනීමට උත්සාහ කරන බව අමාත්‍යවරයා කීවේය. ගුවනින් පැමිණි ඇමැතිවරුන් බැස ගිය පසු හෙලිකොප්ටර් යානය ඉන් ඉවත් කර ගන්නා බව කීවත්, පොලිස් නිලධාරීන් ඒ සඳහා ද අවසර ලබා නොදුන් බව හිටපු අමාත්‍යවරයා කීවේය.
එජාප හිටපු ඇමති පිරිස පැමිණි හෙලිකොප්ටරය අස්ගිරියේ බස්සන්න ඉඩදීලා නෑ
2018-11-05T02:37:00-08:00
Gossip Lanka Hot News
Hot News|