දුවන්න හැකි අස්සයෝ ඉල්ලා එජාප රැස්වීමේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂය සහ යුක්තිය උදෙසා වෘත්තිකයෝ සංවිධානය විසින් පානදුරේ සංවිධානය කර තිබූ රැස්වීමක් අතරතුර ඊයේ උණුස්ම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පැමිණ සිටි පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන
නායකත්වයට විරෝධය දැක්වීමත් සමග මෙම තත්ත්වය ඇති වූ බවයි වාර්තාවන්නේ.

ඔවුන් පවසන්නේ මහින්ද රාජපක්ෂට මුහුණ දීමට නම් එජාපයට ‘අලුත් මුහුණක්’ අවශ්‍ය වී ඇති බවයි.

සජිත් ප්‍රේමදාස නොමැති නායකත්වයකින් මෙම මහමැතිවරණයට මුහුණ දුන්නොත් අනිවාර්ය පරාජයක් අත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම අවස්ථාවේ දී යුක්තිය උදෙසා වෘත්තිකයෝ සංවිධානයේ සභාපති සුමිත් අකරවත්ත ඊට පිළිතුරු ලෙස නායකත්වය වෙනස් කිරීම සිය න්‍යාය පත්‍රයේ අංක එක නොවන බව පැවසීමත් සමග පාක්ෂිකයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

මැතිවරණ 29ක් පැරදුනේ එජාප නායකයාගේ දැඩි මතය නිසා බවත් එම මතය මෙම ස්ථානයට නොගෙනඑන ලෙසත් පාක්ෂිකයින්ගේ මතය නායකතුමාට පවසන ලෙසටත් එහි දී එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රකාශ කළා.