gossip lanka

එජාපෙ සියලු දෙනා රැස් කර 14 වැනිදා බලය පෙන්වන හැටි සාකච්ඡා කරයි

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඒ, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට දිවයිනේ මැතිවරණ ආසන 165හේම සංවිධායකවරුන්ට සහ
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිසකට ද ආරාධනා කර තිබුණා.

එහිදී ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සංවිධායකවරුන් දැනුවත් කිරීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන් සතු බවත්, ලබන 14 වැනිදා එම බලය පෙන්වීමට සූදානම් බවත්, පක්ෂ නායකයින් එහිදී සංවිධායකවරුන් දැනුවත් කර තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ විරෝධතා පැවැත්විය යුතු බවටයි එහිදී යෝජනා වී ඇත්තේ.

ව්‍යවස්ථා විරෝධී ලෙස පත්වූ ආණ්ඩුවට එරෙහිව රථ වාහනවල නලා ශබ්ද කර ශබ්ද ඝෝෂාවක් පවත්වා විරෝධතාව පළ කළ යුතු බවට දොස්තර රාජිත සේනාරත්න එහිදී යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අද (07) පස්වරු 02.00ට ගාලූ මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේදී වාහන නලා හඬ නංවා ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.