gossip lanka

එජාපය කණ්ඩායමක් ලෙස මෛත්‍රීගේ සහයට !

මේ අර්බුදකාරී අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් එජාප නායකත්වයට යෝජනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ගේ අතකොළුවක් බවට පත්වීමට ඉඩ
නොතබා, ඔහු සමග සංවාදයක් ඇතිකර ගනිමින් රටත් ජනතාවත් මුහුණ දී සිටින අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීම මේ මොහොතේ මුලික අවශ්‍යතාවය විය යුතු බව ඔවුන්ගේ මතය වී ඇතැයි පැවසේ.

ජනවාරි 08 ජනතාවට දුන් පොරොන්දු ඉටුකර ගැනීම සඳහා එවැනි පියවරක් අනුගමනය කලයුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානින් කිහිප දෙනෙකු ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇති අතර එම සාකච්ජා පලදායි වී ඇතිබව වාර්තාවේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදී දේශපාලන ගැටළු යම් තරමකින් හෝ සමතයකට පත්කර ගනිමින් පාර්ලිමේන්තුව කැඳවිය හැකිබව එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසේ අදහස වී තිබේ.