gossip lanka

එජාපය ජනාධිපති සමග සමාදානයකට !

පාර්ලිමේන්තුව තුල බහුතර බලය පෙන්වීමෙන් පසු ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකඟතාවයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ජනාධිපතිවරයා සමග යලි සුහඳතාවයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය
එජාපෙ නායකයින් කිහිප දෙනෙකුම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැහැදිලිකර ඇති අතර ඔහු ඊට එකඟත්වය පළකර ඇත.

ඒ අනුව එජාප ජ්‍යෙෂ්ඨ නායකයකු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු මාර්ගයෙන් ඊයේ (13) රාත්‍රී ජනාධිපතිවරයාට විශේෂ පණිවිඩයක් යවා ඇති බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ඉහත ආරංචිමාර්ග පවසයි.

එසේම, ජනාධිපතිවරයා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් පහර නොදෙන ලෙස එජාප මාධ්‍ය භාර ප්‍රධානියකු එජාප මාධ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි ද පැවසේ.

 එජාප මහ ලේකම් ජනාධිපති කෙරෙහි විශ්වාසයෙන් :

 මේ අතර එජාපයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (13) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, තවදුරටත් ව්‍යස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා අවස්ථාව සලසනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට නාමල් කුමර සිදු කළ හෙලිදරව්ව පිටපසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලිමේ කුමන්ත්‍රණයක් තිබූ බවට මේ වන විට පැහැදිලි වන බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් රුවන් විජේවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.


gossip lanka