සන්ධාන මන්ත්‍රීලා වතුර බෝතල්වලට මිරිස් දමා ගහලා !

සන්ධාන මන්ත්‍රීවරු වතුර බෝතල්වලට මිරිස් මිශ්‍රකර එජාප මන්ත්‍රීවරුන්ට පහරදුන් බව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.

එම එක් වතුර බෝතල් ප්‍රහාරයක් තමාගේ ඇසට වැදුන බවද ඒ පැවසූ ඒ මහතා ජනතාවගේ බලය ඉල්ලන්නේ මෙවැනි මැරයන්දැයි විමසා
සිටියේය.

මේ අතර, විජිත හේරත් මන්ත්‍රීවරයාට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා පොතෙන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ තොල පුපුරා ගොස් තිබේ.

ඒ මහතා ඇදගෙන ආ සුදු පැහැති වස්ත්‍රය පිටුපස රතු පැහැති තිත් ද දක්නට ලැබුණි.