කොටි 110ක් නිදහස් කිරීමට වාසුදේවගෙන් කැබිනට් පත්‍රිකාවක්

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 110 ක්‌ නිදහස්‌ කිරීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරන බව සංහිඳියා අමාත්‍ය වාසුදේව නානායක්‌කාර අම්පාරේ පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක්‌ අමතා
ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

ලයන්එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කර මගීන් 48 ක්‌ මරා දමමින් හමුදා භටයන් 27 ක්‌ මරා පුළුස්‌සා දැමීම සහ වෙනත් බිහිසුණු යුද අපරාධ සිදු කිරීම සම්බන්ධව මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් අත්අඩංගුවේ පසුවන බව සඳහන්.

වාසුදේව නානායක්‌කාර ඉදිරිපත් කරන බව කියන මෙම කැබිනට්‌ පත්‍රිකාව මත එම හිටපු කොටි නිදහස්‌ කිරීමට රජය එකඟ වුවොත් ඔවුන්ට එරෙහි යුද අපරාධ චෝදනා ද අහෝසිවන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම පුවත පිළිබඳ වාර්තා කර ඇති ජාතික පුවත්පතක් වෙත ඉහළ පෙළේ ආරක්‌ෂක ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ බිහිසුණු කොටි නිදහස්‌ කිරීමට ඉදිරිපත්වීම මෙරට හමුදාව පාවා දීමක්‌වන බවයි.

කොටින් දෙදෙනකු මරා දැමූ බවට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ හමුදා නිලධාරීන් දෙදෙනාට ද මින් අසාධාරණයක්‌ සිදුවන බව එම වාර්තාවේ සඳහන්.

වාසුදේව නානායක්‌කාර සහභාගි වූ මෙම රැස්‌වීමට අම්පාර ශ්‍රීලනිප සංවිධායක ජෙයචන්ද්‍රන්ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

-sinhalapuvath