‘‘ අඩෝ හූ කීවේ කවුද ? උඹට ඉස්සෙල්ලා මම අධිකරණයට ආවේ..‘‘ - ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු හූ සංග්‍රාහයෙන් වාසු යක්ෂාවේස වෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි පත් වූ පෙත්සම්, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම මේ වන විට පැවැත්වෙනවා.

මේ අවස්ථාවේ විශාල පිරිසක්ද එම ස්ථානයට එක්ව තිබෙනු දැකගන්න
ලැබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද අද (12) ශ්‍රෙෂ්ඨාධිකරණයට පැමිණි අතර ඔහුට කිසියම් පිරිසකගේ ‘හූ ‘ සංග්‍රාහයකට ලක්වනුද දැකගන්නට ලැබුණා.

ඔහු මාධ්‍යවේදීන්ට අදහසක් දක්වන අවස්ථාවේ මෙලෙස එම පිරිසගේ හූ සංග්‍රාහයට ලක්වුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.