වසන්ත සේනානායක සහ වඩිවේල් සුරේෂ් යළි දිවුරුම් දෙන බවට ප්‍රකාශයක්

වසන්ත සේනානායක සහ වඩිවේල් සුරේෂ් යළි අමාත්‍ය ධූරයන්හි වැඩ බාර ගන්නා බව රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය
හමුවකදී ඔහු මේබව ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ සිට නව ආණ්ඩුවට එක් වූ සේනානායක සහ සුරේෂ් එම ආණ්ඩුවේ අමාත්‍යධූරවල ද දිවුරුම් දුන්නා.

කෙසේ වෙතත් පෙරේදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඔවුන් යළි එජාපය වෙත එක් වූයේ මහින්ද රාජපක්ෂට බහුතරය නොමැති බව පවසමින්.

එමෙන්ම ඔවුන් සිය අමාත්‍යධූරවලින් ද ඉවත් වූවා.