gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"රුපියල් මිලියන 500කට මන්ත්‍රී ධුරය අලෙවි කළා කියන එක බොරු" - වසන්ත සේනානායක

රුපියල් මිලියන 500කට තම මන්ත්‍රී ධුරය අලෙවි කර ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේ කර තිබේ.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන විට විදෙස් සංචාරයකට එක්ව සිටින අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන එම අසත්‍ය
පුවත් පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බවයි.

රටේ ඇති වූ සහ රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත තමා ආණ්ඩුවට සහය පල කිරීමට තීරණය කළ ද කිසිදු අවස්ථාවක මුදලට තම මන්ත්‍රී ධුරය පාවා නොදුන් බව වසන්ත සේනානායක අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

තමන් එක්සත් ජාතික පක්ෂය සමග පැවති රජයේ සිටියද අපේක්ෂා කළ සේවය රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන් එම ජනතාවට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බව ද වසන්ත සේනානායක අමාත්‍යවරයා  සඳහන් කර ඇත.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka