අසභ්‍ය දර්ශන නැරඹු බස්නාහිර මන්තී‍්‍රවරුන්ට වැඩ වරදින ලකුණු

බස්නාහිර පළාත් සභාවේ සභා වාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියන මන්ති‍්‍රවරුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ඊයේ (20) ප‍්‍රකාශ කළා.  මෙම මන්තී‍්‍රවරුන් බස්නාහිර පළාත් සභාව සදහා ඉදිකළ නව ගොඩනැගිල්ලේ සවිකර තිබු ටැබ් පරිගණක භාවිත කරමින් මෙම මන්තී‍්‍රවරු මෙලෙස අසභ්‍ය දර්ශන
නැරඹු බවටයි චෝදනා එල්ල වුණේ.

ඒ පිළිබද පුවත්පත් කිහිපයක්ද අද වාර්තා කර තිබුණා. බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර ලලිත් එල්ලාවල අද මාධ්‍ය හමුවක් කැදවමින් කියාසිටියේ මෙම චෝදනාව එල්ල වන මන්තී‍්‍රවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රයද අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.